Thursday, June 5, 2014

පරිඝණකයට UPS එකක් අවශ්‍යයම ද ??????

අද කථා කරන්නේ ඔබ මොන මෙහෙයුම් පද්ධතියක් භවිතා කෙරැවත් අවශ්‍යයම ද ? නැද්ද ? කියන දේයක් තමයි. මේ ගැන අපේ ලංකාවේ ඉන්න අය කොයි තරම් දැනුවත් ද කියන එකත් ප්‍රශ්ණයක්. මොකද මා හට හමුවි ඈති ගොඩක් අය අතරින් මෙහි ඇති වටිනා කම දන්නේ ඇත්තටම කිහිප දෙනෙක් පමණයි. ගොඩක් අවස්ථාවලදි හොදට පරිඝණක දන්නවා යැයි කියා ගන්න අයත් මේ ගැන දැනුවත් ද කියලා තෙරැම් ගන්න පුළුවන්. ඔබ හිතනවා ද ?

ඔබේ පරිඝණකයට UPS එකක් අත්‍යා අවශ්‍යයම උපාංගයක් කියලා. ඇත්තටම ගොඩක් අයට වෙලා තියෙන්නේ නොදැනුවත් කමට වඩා එ ගැන වැඩි සැලකිමක් නැති කමයි. පරිඝණකය මිලදි ගෙන මාස කිහිපයකට පසු පරිඝණකයට තව ලොකු මුදලක් වියදම් කිරිමට සිදු වු පසු නම් ගොඩක් අයට එ ගැන දැනිම නිකම්ම එනවා.
කට්ටිය දන්නවා ඇති නේ UPS කියන එකේ තෙරැම. නමුත් ඉතින් UPS එකක් දා ගන්න කිසිදු උනන්දුවක් නැ. නමුත් අපි බලමු මොකද්ද මේ UPS කියන්නේ කියලා. UPS = uninterrupted power supply කියන එකේ අර්ථය වන්නේ නිරතුරැව විදුලිය ලබා දෙන බව තමයි. නමුත් මෙහි ප්‍රධාන වශයෙන් කොටස් 2ක් තියෙනවා .
1. standby power systems (SPSs)
2. on-line UPS systems
ඇත්තටම මෙ අතරින් සමාන්‍යය අපි භාවිතා කරන්නේ SPS කියන මාදිලිය තමයි. මේ SPS කියන්නේ යමි කිසි විදිහකින් විදුලියේ බිද වැටිමක් සිදු විට එය ඉක්මනින් හදුනාගෙන කෙලින්ම සම්බන්ධ වන්නේ එහි ඇති බැටරියේ විදුලියත් සමගයි. නමුත් මෙම ක්‍රියාවලිය සිදුවිමට යම් මිලි තත්පර ගනනක් යනවා. මේ නිසාම මෙයට Line-interactive UPS කියලත් කියනවා. මේ නිසා යම් විටකදි පරිඝණකය restart විමක් වුනත් වෙන්න පුළුවන්.
නමුත් On line UPS වලදි සැම විටම එහි ඇති inverter එක උත්පාදනය කරන විදුලිය මගින් අවශ්‍යය විදුලිය බලය ලබා දෙමින් හදිසි විදුලිය බිදවැටිම් වන විට කලින් කි UPS වලදි සිදුවන මිලි තත්පර ගනනක ඇතිවන වෙනස ඇති වන්නේ නැ. ඉතින් එ වගේම තමයි මේ UPS වල මිළ ගනන් එහෙමත්. අපි ගොඩක් වෙලාවට මේ වර්ගයේ UPS භාවිතා කරන්නේ ශල්‍යාගාර වල තිබෙන අත්‍යාඅවශ්‍ය උපකරන වගේම Server සදහාත් මෙම වර්ගය යොදා ගන්නවා.
අපි දැන් බලමු ඇයි අපේ පරිඝණකයට අවශ්‍යය වෙන්නේ UPS එකක්. ඇත්තටම ලංකාවේ සමහර පළාත් තියෙනවා විශේෂයෙන් රාත්‍රි කාලයේ දි වගේම දවල් කාලයේදිත් විදුලිය පුදුම විදිහට අඩු වැඩි විමක් වෙනවා. ඉතින් මේ කිසිම දේයක් අපිට අපේ ඇහැට බලා ගන්න බැ. 230 V ලැබෙන බව කිව්වත් එන්නේ ඇත්තටම 200-220 V අතර ප්‍රමාණයක් තමයි. ඉතින් මේ ප්‍රමාණය හිටපු ගමන් එකපාරටම වැඩි වි අඩු වෙන්නත් පුළුවන්. ඉතින් අපේ පරිඝණකයට අවශ්‍ය විදුලිය ලැබෙන්න අඩු හා වැඩි විමක් ලෙස තමයි. ඉතින් මෙහෙම වෙන විට අපේ පරිඝණකයට එය ඉතා තදින් බලපානවා. විශේෂයෙන්ම Power supply , HDD සහා MB එකට. ඉතින් මෙහෙම කෙටි කාලිනව හෝ දගු කාලිනව වෙන විට අපේ පරිඝණකය නිකම්ම ලෙඩ වෙනවා. අනික තමයි අද කාලයේ කවුරැත් දන්නවා අපිට වෙළද පොලින් ගන්න තියෙන්නේ කොයි තරම් හොද පරිඝණක දෘඩාංග ද කියලා. සමහර Power supply නිකං පපඩම් වගේ තමයි. පොඩ්ඩ ගැස්සුන ගමන් යනවා. ඉතින් මේ සැම ප්‍රශ්ණයකටම විසදුමකට තමයි UPS එකක් දාගන්න කියන්නේ. ලංකාවේ ඉන්න අය රැ 70000 ක් විතර වියදම් කරලා සුපිරි පරිඝණක හදා ගන්නවා නමුත් රැ 4500 ක් වියදම් කරන්නේ නැ අවශ්‍යම දේයට. සමහරැට ගොඩක් අමාරැවෙන් ගන්නවා භාවිතා කරපු පරිඝණක එහෙම අයට අමාරැයි තමයි ඉතින් තවත් ටිකක් ලොකු ගණනක් වියදම් කරන්න. නමුත් භාවිතා කරපු එවා ගන්න විට අපි එය තවත් පරිස්සම් කල යුතුවෙනවා. එ නිසා අනිවාර්්‍යයෙන්ම UPS එකක් අවශ්‍යය වෙනවා. මොකද භාවිතා කරපු පරිඝණක ගොඩක් වෙලාවට අවුරැද්දක් හෝ 2ක් භාවිතා කර ඇති නිසා. ලෙඩ එනන් තියෙන ඉඩ කඩ වැඩි නිසා.
සමහර UPS තියෙන අය දන්නවා ඇති රාත්‍රියේ හා දවල් කාලයේ දි හිටපු ගමන් UPS එක ඇතුලින් ශබ්දයක් එනවා ටික් ටික් හෝ UPS Buzzer එක නාද වෙනවා. එ වෙන්නේ ඇත්තටම අපිට නොපෙනෙන විදුලියේ අඩු වැඩි විම නිසා තමයි. එවගේම මෙම UPS එකින් අපිට තව ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එ තමයි ඔබ අන්තර්ජාලය සදහා රැහැන් සම්බන්ධතාවයක් නම් භාවිතා කරන්නේ (SLT connection ) අනිවාර්්‍යයෙන්ම ඔබේ router එක හෝ modem එක ආරක්ෂා කර ගන්න පුළුවන්. නැත්නම් වෙන්නේ යන්තම් හෝ විදුලි කෙටිමක් ඇති වු විට රැහැන් දිගේ පැමිනේන අධික විදුලි ධාරාවෙන් ඔබේ router එක හෝ modem එක පිච්චෙන එක තමයි . සමහර අවස්ථා වලදි සම්පුර්ණ පරිඝණකයම පිච්චුන අවස්ථා ද නැතුවා නොවෙයි. දැනට එන UPS වර්ග කිහිපයකම තියෙනවා Telephone Jack සම්බන්ධ කල හැකි RJ 11 connector 2ක් හා සමහර UPS වල Network port සදහා RJ 45 connector 2 ක් 4ක් තියෙනවා එවාත් තියෙනවා. මෙහිදි අපිට කරන්න තියෙන්නේ spliter එකෙහි ඇති modem යනුවෙන් ඇති තැනට telephone wire එකක් සමබන්ධ කර එය UPS එකෙහි එක් තැනට සම්බන්ධ කර අනික් තැනට තවත් Telephone wire එකක් සම්බන්ධ කර එම wrire එකේ ඇති අනික් කෙලවර ඔබේ router එකට හෝ Modem එකට සම්බන්ධ කිරිමයි. එවගේම ඔබට මේ ආකාරයේ ආරකෂක පද්ධතියක් නැති නම් පරණ UPS එකකින් මේ කොඩස ගලවා වෙනමම එලියෙන් තබා ගැනිමට උනත් පුළුවන්.
එවගේම තව ප්‍රයෝජනයක් අපිට ගන්න පුළුවන්. එ තමයි අපිට බලන්න පුළුවන් අපේ UPS එකට ලැබෙන විදුලිය කොයිතරම් ද කියලා. අඩු වැඩි විම් හා බැටරිය කොයි තරම් ප්‍රමාණයක් ආරෝපණය වි ඇත්තද යන්න එහෙම බලා ගන්න පුළුවන්. එ සදහා පොඩි මෘදුකාංගයක් තියෙනවා. මෙතනින් ගන්න පුළුවන් ඕනැම UPS එකකට හරියන මෘදුකාංගය මෙය මැක් වලටත් වැඩ.  මගේ ලග මුලින්ම තිබුනේ Power Tree UPS එකක් තමයි. මම දන්නේ නැ දැන් එන UPS කොහොම ද කියන්න එ UPS එකේ ඇති serial port එක නම් තිබුනේ නිකම් බොරැවට තමයි. එබව මම දැනගත්තේ UPS එක ගලවපු අවස්ථාවක තමයි. බලන්න ඔයාලාගෙත් UPS වල මෙම port එක තියෙනවා ද කියලා අනිවාර්්‍යයෙන්ම තියෙනවා නම් ඔබට ලැබෙන්න ඕනි එසදහා cable එකත්. එය පරිඝණකයට සම්බන්ධ කර අවශ්‍යය මෘදුකාංග ස්ථාපනය කර අවශ්‍යය දත්ත අපිට ලබා ගන්න පුළුවන්. එවගේම අපිට පුළුවන් මෙය සකසන්න අපි පරිඝණකය ලග නැති විට විදුලිය විසංදි වු විට ස්වයංක්‍රියව අපේ පරිඝණකය shutdown වෙන්න. මට නම් මෙය සැහෙන ප්‍රයෝජන වු දෙයක් තමයි. සමහර UPS පරිඝණකයට සම්බන්ධ කිරිම සදහා serial cable එකට අමතරව USB cable එකෙනුත් පුළුවන්.
අවසාන වශයෙන් කථා කරමු කොහොමද UPS එකක් හරියට භාවිතා කරන්නේ කියලා. මේ ගැනත් ගොඩක් අය කිසිදු උනන්දුවක් දක්වන්නේ නැ. විශේෂයෙන්ම මෙ බව දැක් ගන්න පුළුවන් අපේ කාර්්‍යාල වල නම්. සමහරැ පරිඝණකය පමනක් Shutdown කර UPS එක off නොකර තමයි යන්නේ. ඉතින් UPS භාවිතා කරන්න බැ මාස 6ට වඩා. ඉතින් බනිනවා UPS brand එකට. එක තමයි 75% ට වඩා කරන්නේ. හරියාකාරව UPS එකට ලැබෙන විදුලිය විසංදි නොකර තැබිමෙන් වන්නේ UPS battery එකෙහි ආයු කාලය අඩු විම හා battery යේ backup time එකත් අඩු විම තමයි. ඉතින් සැම විටම හරියාකාරව විදුලිය විසංදි කර බ්ත්තියේ හි ඇති switch එකත් off කර තැබිම වගේම වඩා හොදයි ඉතින් බිත්තියෙනුත් UPS plug එක ගලවා දමනවා නම්. මේ කරැණු ඉතා පොඩි දෙයක් වුනත් තමන් එය හරියට කරනවා නම් එම උපංග යේ ආයු කාලය තමයි වැඩි වෙන්නේ. මිට අමතරව සමහරැ නම් දන්නවා ඇති UPS එකේ backup time එක සදහන් කරන්නේ පරිඝණක තිරය ඇතුලත්ව නැතිව බව. ඉතින් අපි හරියට භාවිතා කරනවා නම් UPS battery එකක් මාරැ නොකර අපිට පුළුවන් අඩුම වශයෙන් අවුරැදු 2ක් වත් භාවිතා කරන්න bakcup time එක විනාඩි 2ක් වත් පවත්වා ගනිමින්. ඇත්තටම එ කාලය හොදටම ඇති අපිට පරිඝණකය හරියාකාරව shutdown කර ගන්න.
UPS එකක් තිබිමේ වාසි
1. නිතර නිතර විදුලිය අඩු වැඩි විම සිදු වුනත් පරිඝණකයට එය හානියක් නොවිම.
2. එක් සැනින් විදුලිය විසන්ධි වි නැවත එසැනින් විදුලිය ලැබි මෙන් හෝ එලෙස ලග ලග වාර 2ක 3ක් විමෙන් ඇතිවන කරදර සමහර විට නැවත මෙහෙයුම් පද්ධතිය නැවත ස්ථාපනය කිරිම පවා වෙන්න පුළුවන්. එවැනි බාධක නැති විම.
3. අකුණු සැර නිසා දුරකථන රැහැන දිගේ පැමිනේන විදුලිය මගින් router හා modem ආරකෂා කර ගත හැකි විම. මෙය Fax යන්ත්‍රයකට වුවත් භාවිතා කල හැකියි.
4. විදුලිය බිද වැටිමක් සිදුවු අවස්ථා වලදි ස්වයංක්‍රියව පරිඝණකය shutdown කිරිමට ඇති හැකියාව.
5. UPS නඩත්තු කටයුතු සදහා වැඩි මුදලක් නොයැම හා පරිඝණකය සදහා වියදම් කිරිමට සිදුවන අතිරේක මුදලක් ඉතුරැ කර ගැනිමට ඇති හැකියා ව.
මම සමහර කරැණු නම් කිව්වේ ඉතාමත් කෙටියෙන් නැත්නම් ඉතින් ලිපිය ගොඩක් දිගු වෙනවා. අවශය්‍ය ඕනැම දේයක් අහන්න පුළුවන්.
මෘදුකාංගයේ serial number එක 511C1-01220-0100-478DF2A
ෙමම සටහන නැවත පළ කිරිමකි. මෙම මෘදුකාංගය තවම මැක් ලයන් සදහා භාවිතා කළ ෙනාහැක

No comments:

Post a Comment