Thursday, June 5, 2014

Hachi කවුරැත් නැරඹිය යුතු චිත්‍රපටියකි

Hachi
අද කියන්නේ තාකෂණය ගැන හෝ ඇපල් ගැන නම් නෙමෙයි. එළකිරි වගේ තවත් ලස්සන හා ගොඩක් දුක හිතේන චිත්‍රපටියක් ගැන තමයි. මේ ගැන කියන්න ඕනි කියලා හිතුනේ මෙහි තියෙන සංවේදි බව හා ඉන් ඉගෙන ගැනිමටත් යමක් ඇති නිසයි. මෙම චිත්‍රපටිය බලපු අයත් ඇති. මෙය සත්‍යය සිදුවිමක් ඇසුරෙන් 2009 වසරේදි මෙය නිර්මාණය කරලා තියෙන්නේ.
නමුත් සත්‍යය සිදුවිම සිදුවන්නේ ජපානයේ 1925 -1934 අතර කාලයේ තමයි. නමුත් මෙය නිර්මාණය කරලා තියෙන්නේ ජාපනයේන් ඇමරිකාවට එවන ලද බලුපැටියෙක් අතර මගදි වෙන පොඩි සිදුවිමක් නිසා සංගිතය උගන්වන මහාචාර්්‍යය වරයෙකුට අහඹු ලෙස ලමෙම බලු පැටියා ලැබෙනවා. සතුන්ට විශේෂයෙන්ම බල්ලන්ට ආස කරන අයට නම් මෙය ගොඩක් විශේෂ වෙවි එවගේම ගොඩක් දුක හිතේයි. එතරම් මෙය සංවේදි චිත්‍රපටියක් කිව්වොත් ඉතා නිවැරදියි. මෙම චිත්‍රපටිය සම්පුර්ණ වශයෙන්ම ගොඩනැගෙන්නේ මේ Hachi නැමැති බලුපැටියා වටා තමයි. මෙම චිත්‍රපටිය ගැන මිට ටික කාලයකට කලින් බ්ලෝග් ලියන අයෙක් මේ ගැන ලියා තිබුනා. මට හරියටම මතක නැ කවුද කියන්න නම්. නමුත් මට ආයේ මේ චිත්‍රපටිය ගැන දැන ගන්න ලැබුන නිසා මමත් බැලුවා. එනිසා තමයි හිතුනේ මේ ගැන ලියන්න ඕනි කියලා.
මෙම බලුපැටියා කරපු දේවල් නිසාම අදටත් ජපානයේ දුම්රිය ස්ථානයක් ලග එම සතා වෙනුවෙන්ම පිළිරැවක් පවා නිම කර තියෙනවා. අනෙක් සතුන්ට වඩා බලලන්ට ගුණයක් තියෙනවා කියලා කථාවක් තියෙනවානේ. එවගේම මේ ලගදි මම අහපු තවත් දෙයක් තමයි අපි කොයිතරම් තෝරා ගැනිමක් කර බල්ලෙක් සොයගන්න හැදුවත් අපිට අවශ්‍යය දේ නෙමෙයි වෙන්නේ බල්ලා විසින් තමයි අපිව තෝරා ගන්නේ කියලා. එසදහාත් අපුරැ උදාහරණයක් පසුගිය දවසක ගොසිප් 9 වෙබ් අඩවියේ තිබුනා. එහිදි කියවෙන්නේත් හරිම අපුරැ දෙයක් තමයි. කිසිම දවසක බල්ලෙක් ගෙදරක සැදිමට අකමැති පුද්ගලයෙක් කියන කථාවක් තමයි මෙහි තියෙන්නෙ. කුඩා දරැවන්ට එහෙම පෙන්විය යුතු චිත්‍රපටියක් තමයි මේ Hachi කියන්නේ. මිනිසුන්ගේ ජිවිත කොයි තරම් වෙනස් වෙනවාද මෙවැනි සුරතල් සතුන් නිසා. එබව නම් හරි අපුරැවට පෙන්වනවා මේ චිත්‍රපටියේ.
එනිසාම තමයි මම කියන්නේ මෙය හැමෝම නැරඹිය යුතු චිත්‍රපටියක් කියලා. එවගේම මෙම චිත්‍රපටිය සිංහලින් උපශිර්ෂ යොදා සකසන්න පුළුවන් නම් මම හිතන්නේ තවත් ලස්සන වෙයි කියලා තමයි. සත්‍යය කථාවේ බල්ලා වගේම චිත්‍රපටියේ රගපාන බලුපැටියා හා පසුව සිටින වයස වැඩි බල්ලා ද හරිම අපුරැවට එම චරිතයට ගැලපෙනවා. අවුරැදු 9ක් බලා සිටින එම බල්ලා අන්තිමෙදි එම දුම්රිය ස්ථානය දොරටුව ඉදිරිපිටම තමයි මිය යන්නේ. මුලු නගරයේම සිටින අය එම බල්ලාව හදුනනවා. සැම දාම තම ස්වාමියා එන වේලාවේ සිට අවසන් දුම්රිය එනතුරැ බලන් සිටිනවා වසර 9ක් තිස්සේ. සැමදේනාම උත්සහා ගන්නවා එම සත්වයාට කියා දෙන්න තම ස්වාමිය වන Parker නැවත එන්නේ නැ කියලා. නමුත් අවසානයේ වන්නේ එම සත්වයා එම ස්ථානයේම මිය යන එක තමයි. මෙහි මම කථවේ මැද කොටස ගැන කිසිවක් කිව්වේ නැත්තේ ඔබට එය බලා රස විදිමටයි. මම එ කොටස ලියා වැඩක් නැ ඔබ විසින්ම එය නැරඹිය යුතුයි.

No comments:

Post a Comment