Thursday, June 5, 2014

දැන් Skydrive පහසුකම iPhone වලටත්

අද කියන්නේ මම නම් ටික කාලයක් පටන් බලාගෙන හිටපු මෘදුකාංගයක් ගැන තමයි. හැබැයි මෙය තවම තියෙන්නේ iPhone වලට තමයි. Sky Drive පහසුකම ගැන කවුරැත් දන්නවා කියලා හිතනවා. Microsoft එකෙන් පවත්වාගෙන යන Hotmail සේවයේ තිබෙන දැවැන්ත සේවයක් තමයි මේ Sky Drive කියන්නේ.
අපිට ලබා දෙනවා 25GB තරම් ලොකු ඉඩ ප්‍රමාණයක් අන්තර්ජාලයෙන්. ඉතින් මෙහෙම එකක් හැබැයි කවුරැත් දෙන්නේ නැ. එමගින් අපිට පුළුවන් අපේ සියලුම ලිපි ගොනු වගේම ඡායා​රැප වගේම විඩියෝ පවා සුරකෂිත ලෙස තබා ගන්න වගේම අපිට අවශ්‍යය වු විට ඕනැම තැනක ඉදන් භාවිතා කිරිමට ඇති පහසුව. ඉතින් මෙ සදහා මෘදුකාංග තිබුනේ වින්ඩොස් වලට පමණයි. නමුත් දැන සතියක පමණ කාලයක සිට එම මෘදුකාංගය ඇපල් iPhone සදහාත් ලබා දි තියෙනවා.

පහසුවෙන් 2014 වර්ෂයේ නිවාඩු දින Outlook, Gmail , Hotmail මගින්

ඔබ සියලු දෙනාටම සුභම සුභ නව වසරක් ප්‍රාර්ථනය කරන ගමන් කලින් වසර වලදි මෙන් මා විසින් ලබා දුන් වර්ෂයේ නිවාඩු දින මේ වසර සදහත් කල් තියාම පහසුවෙන්ම ඔබට දැන ගැනිම සදහා ඔබගේ Gmail, Hotmail , Outllook හා මැක් පරිඝණක භාවිතාකර ලබා ගත හැකියි. එය ඉතාමත් පහසුවෙන් ඕනැම අයෙකුට සකස් කර ගත හැකි ගොනුවක්. වෙබ් අඩවියේ ඇතිවු යම්කිසි වෙනස් කම් කිහිපයක් නිසා පරණ සටහන දැනට යාවත්කාලින වි නොමැති බව කිවයුතුයි.  

Google වෙතින් තවත් සේවයක්

අද කියන්නේ අපිට නිතරම සේවාවන් සමුහයක් සැමවිටම නොමිලේ දෙන Google සමාගම කරපු තවත් වැඩක් ගැන තමයි. දැන් අපිට පුළුවන් අපගේ Gmail Account එකේ ඉදන්ම SMS පණිවිඩයක් යවන්න ලංකාවේ Dialog හා Mobitel ආයතනවලට අයත් ජංගම දුරකථන සදහා. මේක මගේ gmail හා Google Apps වලට තමන්ගේ domain එක host කර ඊමෙල් සේවය ලබා ගෙන එහෙම තියෙනවා නම් එයටත් හරියටම වැඩ කරනවා.

Hachi කවුරැත් නැරඹිය යුතු චිත්‍රපටියකි

Hachi
අද කියන්නේ තාකෂණය ගැන හෝ ඇපල් ගැන නම් නෙමෙයි. එළකිරි වගේ තවත් ලස්සන හා ගොඩක් දුක හිතේන චිත්‍රපටියක් ගැන තමයි. මේ ගැන කියන්න ඕනි කියලා හිතුනේ මෙහි තියෙන සංවේදි බව හා ඉන් ඉගෙන ගැනිමටත් යමක් ඇති නිසයි. මෙම චිත්‍රපටිය බලපු අයත් ඇති. මෙය සත්‍යය සිදුවිමක් ඇසුරෙන් 2009 වසරේදි මෙය නිර්මාණය කරලා තියෙන්නේ.

පරිඝණකයට UPS එකක් අවශ්‍යයම ද ??????

අද කථා කරන්නේ ඔබ මොන මෙහෙයුම් පද්ධතියක් භවිතා කෙරැවත් අවශ්‍යයම ද ? නැද්ද ? කියන දේයක් තමයි. මේ ගැන අපේ ලංකාවේ ඉන්න අය කොයි තරම් දැනුවත් ද කියන එකත් ප්‍රශ්ණයක්. මොකද මා හට හමුවි ඈති ගොඩක් අය අතරින් මෙහි ඇති වටිනා කම දන්නේ ඇත්තටම කිහිප දෙනෙක් පමණයි. ගොඩක් අවස්ථාවලදි හොදට පරිඝණක දන්නවා යැයි කියා ගන්න අයත් මේ ගැන දැනුවත් ද කියලා තෙරැම් ගන්න පුළුවන්. ඔබ හිතනවා ද ?

ඔබේ පරිඝණකයට UPS එකක් අත්‍යා අවශ්‍යයම උපාංගයක් කියලා. ඇත්තටම ගොඩක් අයට වෙලා තියෙන්නේ නොදැනුවත් කමට වඩා එ ගැන වැඩි සැලකිමක් නැති කමයි. පරිඝණකය මිලදි ගෙන මාස කිහිපයකට පසු පරිඝණකයට තව ලොකු මුදලක් වියදම් කිරිමට සිදු වු පසු නම් ගොඩක් අයට එ ගැන දැනිම නිකම්ම එනවා.