Saturday, December 13, 2014

Google Sphere Camera (අංශක 360 දර්ශණය)

Add caption
අද කියන්න යන්නේ Google මගින් හදුන්වා දුන් තවත් වැදගත් සේවාවක් ගැන තමයි. අැත්තටම මෙම සේවය ගැන දන්න අයත් අැති මොකද ගුගල් මැප් ඒකේ මෙ සම්බන්ධ ඡායරැප තිබෙන නිසා. මෙම මෘදුකාංගය මුලින්ම පැමිණියේ අැත්තටම අැපල් දුකරථන සදහා තමයි.
දැන්නම් අනික් දුරකථන සදහාත් ලබා ගන්න පුළුවන්. මම මෙම මෘදුකාංගය ගැන දැන ගෙන ටික කාලයක් ගත වුනත් ලියන්න තරම් කාලයක් නැති නිසා ඉතින් නිකන් හිටියා. මෙම මෘදුකාංගය මගින් ඔිනැම අයෙකුට තමන් කලින් නොගිය තැනක විස්තර හරියට ඒතන හිටියා වගේ බලා ගන්න පුළුවන්. මමත් ගත්ත රැප කිහිපයක් දැනටම ගුගල් මැප් ඒකේ තියෙනවා. ඒවගේම ඔ්නැම අයෙකුට තමන් ගත් ඡායා රැපය ගුගල් මැප් ඒකට ඒකතු කරන්න පුළුවන්.

මෙම තාකෂණය උපයොගි කරගෙන තමයි ගුගල් මගින් රට රට වල විදි සකසනය කරලා තිබෙන්නේ (Google Street view ).  මෙමගින් දැනට මහද්විප 7 ක් රටවල් 50 + සහා මිලියන 5+ සැතපුම් සංචාරය කර අැත. මෙතනින් ඔයාලාටත් බලන්න පුළුවන්. හැබැයි මෙම මෘදුකාංගය මගින් අංශක 360 ක ඡායාරැපයක් ගැනිම ඉතා සිරැමාරැ වෙන් කරන්න ඔිනි දෙයක්. නැත්නම් හරියට මෙම ඡායා රැපය ගොඩනගන්න බැ. ඉතින් ඔයාලටත් පුළුවන් තමන් ගත් ඡායාරැප මේ ක්‍රමයට අන්තර්ජාලයට එකතු කරන්න. ඒ නිසා පුළුවන් වෙනවා තවත් කෙනෙක් නොගිය ස්ථානයක් ගැන හොද අවබෝධයක් ලබා ගන්න. මොකද අද ඉතින් සැම කෙනා ලගම තියෙන්නේ කුමක් හෝ ස්මාට් දුරකථනයක් නේ. මෙම මෘදුකාංගය මගින් ලබා ගත් ඡායාරැපයක් අපිට සමාන්‍යය රැපයක් නරඹන ආකාරයට නරඹන්න අමාරැයි. ඡායාරැපය දර්ශණය වෙනවා නමුත් හරියට නෙමෙයි. එනිසා අනිවාර්්‍යයෙන්ම ගුගල් මැප් එකේන් නරඹන්න ඕනි නැත්නම් මෙම මෘදුකාංගය හරහා නරඹන්න ඕනි. 

No comments:

Post a Comment